අවසන් කවිය

Posted: ඔක්තෝබර් 10, 2010 in කවි සිතුවිලි
වසත් කල හා ගිම්හානයද ගෙවී ගොස්
සරත් සමය එළඹ ඇත
දිගුම දිගු නින්දකට
සම වදින්නට පෙර සිසිරයේ
ලියනු මැන කවිය
ඔබ’තින් මෙතෙක් නොලියවුණු
ප්‍රතිචාර
  1. නිහඬ වෙන්නම් දැන්
    යලිත් එන්නම් මං
    අලුත් මල් පැළඳ
    බලාපොරොත්තු අරන්
    ටිකක් කලකින් උනත්
    එතෙක් ඔබ ඉන්න
    ලියනු හැකිවෙයි එදින
    මෙතෙක් නොලියූ කවිය….!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න